සුන්දර තුඩුගල ඇල්ල
- sujimaxx
- Dec 18, 2018
- 2 min read

නමක් ගමක් හෝ රජ කෙනෙකු පිළිබඳව පැහැදිලි විස්තරයක් නොමැති වුවත් නිධන් සහ ඒවාට අරක් ගත භූතයන්ගේ කතා නම් මෙම සුන්දර දිය දහර වටා නිමක් නැතුව ගෙතී තිබුණා. අපි සාමන්යෙන් ඕනෑම චාරිකාවකදී සිදු කරන පරිදි ඇල්ල පිහිටි ගමේ ගම වැසියෙක් සමග කරන කතා බස් වලින් අපගේ බොහෝ පුරාවෘත වල ඇති හිස් තැන පුරවාගැනීමට අපට හැකි වුන . තුඩුගල ඇල්ල දක්වා ගමන් ගන්නේ නම් ඇති ළගම මාර්ගය වනුයේ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ දොඩම්ගොඩ හුවමාරුවෙන් කළුතර මතුගම මාර්ගයට පිවිසීමයි. කළුතර මතුගම මාර්ගයේ නැවතත් කළුතර නගරය දෙසට ගමන් ගන්නා විට තුඩුගල මංසන්ධිය හමු වන අතර අතනින් ජාවිගොඩ මාර්ගයේ විනාඩි විස්සක් පමණ ගමන් ගන්නා විට හමු වන පළමු තුන්මන් හන්දියේ තුඩුගල ඇල්ල නමින් පුවරුවක් සවි කර ඇති අතර එමගින් ස්ථානය සොයා ගැනීම පහසු වේ. මෙම තුන්මං හන්දියේ ඉපැරණි බෝ ගසක් යට කුඩා දේවාලයක් තනා ගණ දෙවි ප්‍රතිමාවක් තබා ඇති අතර ඒ අසලම තැඹිලි සහ බුලත් විට විකුණන කුඩා කඩයක් ඇත. එම තුන්මං හන්දියෙන් වම අත දෙසට ඇති මාර්ගයේ මීටර දහයක් පමණ ගමන් කල විට වම් අත දෙසින් ඔයිල් පාම් හෙවත් කටුපොල් වගාවක් සහිත විශාල වත්තක් දක්නට ලැබෙන අතර දකුණු අත දෙසින් කටු කම්බි වලින් වටවුණු රබර් පැළ සහිත වත්තක් දක්නට ඇති අතර තුඩුගල ඇල්ල මෙම රබර් වතු යාය තුල සැඟවී පවතී.
අප පසුකර ගිය විදේශිකයන් පිරිසක් කියා පෑවේ මෙම ස්ථානය දේශීය සංචාරකයන් අතර මෙන්මඉමහත් ප්‍රසිද්ධියක් උසුලන බවයි. සමහර සංචාරකයන් ජලයෙන් තෙමී සිටියේ දිය ඇල්ලේ පහස සිත් සේ විඳ ගත් අයුරින්.අපගේ කැමරා සූදානම් කරගත් අපි දිය ඇල්ල දෙසට යාමට සූදානම් උනෙමු. මෙම ඇල්ල අතීතයේදී ඉහල ඇල්ල සහ පහල ඇල්ල යනුවෙන් හඳුන්වා තිබී ඇති අතර එයට හේතුව වී ඇත්තේ මෙම ඇල්ල කොටස් දෙකකින් යුක්ත වීමයි.

දිය ඇල්ල මුදුනේ සිටින විට මුළු ප්‍රදෙශයම ඉතා දර්ශනියව දිස් වූ අතර පහල කොටසේ දිය නාමින් සිටි අයද ඉතා කුඩා තිත් සේ දක්නට ලැබුණා. එහ්හි අඳුර වැටෙන තෙක් ගමන් කල අප හිමින් හිමින් පහලට බැස්සේ නවාතැන වෙත යාමටයි.තුඩුගල ඇල්ල පිලිබඳ කතා කිරීමේදී අපගේ අවධානය යොමු කල යුතු විශේෂ පැතිකඩක් වේ. එනම් මේ සුන්දර පරිසරයේ හෙට දිනයේ ඉරණමයි. මෙම ස්ථානය වඩා ප්‍රචලිත වන්නේ දිය නෑමට අනතුරුදායක නොවන ස්ථානයක් ලෙසයි. එබැවින් මෙම ස්ථානය දේශීය සංචාරකයන් බහුලව ගැවසෙන ස්ථානයක්. ඒ බව තව දුරටත් තහවුරු වන්නේ මෙම ස්ථානයේ තැන තැන දමා ඇති හිත වීදුරු බෝතල්, හිස් ප්ලාස්ටික් වතුර සහ බීම බෝතල් , ඉටි කොළ, පොලිතින් උර නිසයි. මෙහි එන බොහෝ දෙනා හොඳින් උගත් පිරිසක්. නමුත් ඔවුන් කෙතරම් නූගත් දැයි සිතෙන්නේ ඔවුන් විසින් පරිසරයට කර ඇති හානිය දුටු විටයි. ඇල්ල පිහිටා ඇති රබර් වතු යායට ඇතුළු වෙන ස්ථානයේම සිට කිහිප පොලකම පරිසරය සුරැකීමේ වැකි ගසා තිබුනත් පරිසරයට මෙතෙක් කල් සිදු වී ඇති හානිය ඉතා විශාලයි. එබැවින් තවදුරටත් ලංකාවේ සුන්දර ස්ථාන අනාගත පරපුරට ආරක්ෂා කර ගැනීම ඔබෙත් මගෙත් යුතුකම බව සිතා මෙම සුන්දර පරිසරයට පා නගන විට පිය සටහන් පමණක් ඉතිරි කර පැමිණීමට වග බලාගන්න.
Commentaires