top of page
wilpattu-nationasl-park-sri-lanka_edited

                                            

 

 

CEYLON TRIPPING

සොයා යන්න ඔබේ සිහින පාරාදීසය

Home: Welcome

      WELCOME  TO   CEYLON TRIPPING

                                                                                                                       CEYLON TRIPPING අපේ ප්‍රධාන  ඉලක්කය වන්නේ පෙර නොවූ විරූ අත්දැකීම් ලබා ගැනීමට රට වටා ගමන් කිරීමයි.....

සුජී මැක්ස් වන මා වෘත්තියෙන් හඩ කැවීම් ශිල්පියෙකි . මා සමග රට පුරා සංචාරය කිරීමට  එක්වී සංචාරක කර්මාන්තයේ උද්යෝගය සහ නොහඳුනන ගමනාන්තයන් වෙත සංචාරය කිරීම සඳහා  මාගේ  අත්දැකිම් ඉදිරිපත් කිරීම හා ඔබ සමග බෙදාහදා ගැනීමට කැමැත්ත පළ කිරීමට මුලික අදහස විය.....

ඔබ නොදුටු නොසිතූ ලස්සන  ස්ථාන  ගැන එහි විශේෂත්වය පිලිබදව විස්තර දැනගන්න එන්න CEYLON TRIPPING අපගේ වෙබ් අඩවියට...

"Believe you can and you're halfway there"

Home: Quote

"It is not the length of life, but depth of life "

"Believe you can and you're halfway there"

" The most important thing is     to enjoy your life - to be        happy , it's all that matters ''

Life isn't about finding           yourself. ...

Search

සීගිරිය

  • Writer: sujimaxx
    sujimaxx
  • Nov 26, 2018
  • 8 min read

ඉතිහාසයේ අල මුල ගියතැන් සොයා යාමට අද දිනයේ අප තීරණය කලේ සිංහලයා සතු අවම ඉතිහාස දැනුම සහ නිවැරදි නොවූ ඉතිහාස කතාන්තර යම්තාක්දුරකට නිවැරදි කරන අටියෙනුයි.  

ගමන තරමක් දීර්ඝ වූවක් බැවින් සහ හිරු උදාවනවිට  අප ගමනාන්තයට ළගා වී සිටිය යුතු නිසා අප තීරණය කලේ පාන්දර දෙක පමණ වන විට කලුතරින් පිටත් වීමටයි. කලුතරින් දක්ෂිණ අධිවේගය ඔස්සේ කඩවතටත් එතැනින් කුරුණෑගල දක්වාත් ගමන් කල අප කුරුණෑගල පිහිටි රෑ කඩයකින් උණු රොටි සමග ප්ලේන් ටී පානය කළේ නිදිමත ගතිය මගහැර ගැනීම සදහායි.රාත්‍රී කඩ ඉතාමත් අපූරු සංකල්පයක්. රාත්‍රිය තිස්සේ බොහෝ විට ගමනාගමනය සිදු කෙරෙනුයේ ප්‍රධාන මාර්ගවල වන අතර බොහෝ විට ලොරි රථ, කන්ටේනර් රථ රාත්‍රී කාලයේ වැඩිපුර ගමන් කරති. මීට අමතරව අප වැනි චාරිකාවල යෙදෙන්නවුන්ද ගමනේ යෙදෙන  අතර එබදු තැනැත්තන්ගේ පහසුව සදහා මෙම රෑ කඩ ඉදිවී ඇත. සාමාන්‍ය කඩයක් රාත්‍රී දහය පමණ වන විට වසන අතර රාත්‍රී කඩ ඉන්පසුව ඇරඹෙයි. මෙම කඩ වල බොහෝ විට සේවයෙහි යෙදෙන්නේ පුරුෂ පක්ශය වන අතර සැමියා සහ බිරිද විසින් හවුලේ පවත්වාගෙන යන කඩද දක්නට ලැබේ. මේ කඩ වල බොහෝ විට ආප්ප, කොත්තු , එළවලු රොටි වරදින්නේ නැති අතර වෙනත් ආකාර වල කෙටි කෑම වර්ගද පාන්ද විකිණීමට ඇත. බොහෝ කඩ රෑ කඩ ලෙස හදුනාගත හැකි ප්‍රධානතම සාධකය වනුයේ ඈතට එළිය විහිදී ගිය කොළ පාට, නිල් පාට , රතු පාට නියොන් බල්බ් වැල් සහ විශාල කොකාකෝලා ප්‍රචාරක පුවරුය. රාත්‍රී කඩ වලදී සාමන්‍යෙන් නොයෙක් තරාතිරම් වලට අයත් පිරිස් මුණ ගැසෙන  අතර සමහර විට ඔවුනොවුන් අතර කතා බස් කිරීමේදි ඒ ඒ ප්‍රදේශවලට ආවේනික බස් වහරන් සහ කතා විලාශයන් අපට හදුනාගත හැකි වේ.රාත්‍රී කඩයෙන් ලබාගත් සුලු ආහාරයෙන් අනතුරුව අප නැවත මගට පිවිසුනේ වටින් ගොඩින් එළිය වැටීගෙන එන විටයි. රාත්‍රී කාලයේ සංචාරය කිරීම එක් අතකින් ඉතාමත් සුන්දර සහ නිස්කලන්ක අත්දැකීමක් වන  අතර තදබදයකින් තොර මාර්ගය අපගේ ගමන ඉක්මන් සහ පහසු කරවයි. කුරුණෑගල පසු කර රිදීගම, මැල්සිරිපුර හරහා ගමන් ගත් අප ප්‍රථමයෙන්ම පිවිසුනේ රන්ගිරි දඹුලු විහාරයටයි. කඩිනමින් දඹුලු වෙහෙර වන්දනාමාන කරගත් අප ඉන්පසුව නැවතත් ගමන ඇරඹුවේ පෙර කී කුවේරගේ වාසභවන වෙතයි.

📷

කුවේර නොහොත් විශ්‍රව මුනිගේ පළමු විවාහයේ වැඩිමහල් පුතු නොහොත් රාවණ රජුගේ ඥාති සොහොයුරා  සිය වාසභවන හෙවත් ආලකමන්දාව කොට ගෙන තිබූ, ඉන්පසුව රාවණ රජු සහ අවසානයේ කාශ්‍යප රජුගේ බලකොටුව ලෙස තිබූ සිංහගිර හෙවත් සීගිරිය සහ ඒ අවට ගෙතුණු කතා සොයා ගවේශණාත්මක ගමනක් පැමිණි අප දැන් සිටින්නේ සීගිරිය රථගාලේයි. සීගිරිය රථ ගාල දේශීය සහ විදේශීය නමින් කොටස් දෙකකට වෙන් කොට ඇති අතර ප්‍රථමයෙන් අපට හමු වුනේ විදේශීය රථ ගාලයි. ඉන් මදක් ඔබ්බට ගිය තැන්හි දේශීය රථ ගාල පිහිටා තිබෙනවා. රිය ගාලේ රථය නතර කොට අප සීගිරි අභය භූමිය ඔස්සේ ඉදිරියට ගමන් කලේ සීගිරි ගල පෙනි පෙනීයි. සීගි‍රිය අවට පෙදෙස අභය භූමියක් ලෙස රජයෙන් ප්‍රකාශ කොට ඇති අතර මෙහි සතුන් දඩයම් කිරීම, කැලෑ හෙලි කිරීම සහ වන්නන්තර විනාශය තහනම් වනවා. සීගිරි ගලට පිවිසීමේ මාර්ගයට ගමන් කල යුතුව තිබුනේ මේ අභය භූමිය ඔස්සේයි. තැනින් තැන සංඥා වලින් දක්වා තිබුනේ  රිලවුන්ගැවසෙන බවයි. උදෑසන වූ බැවින් සංචාරකයන් සීගිරිය දෙසට පැමිනෙමින් සිටියා.


සීගිරිය උසින් අඩි හයසීයක් පමණ හුදකලා පර්වතයක් හා ඒ ආශ්‍රිතව ඉදි කර ඇති මෙම මාලිගය සහ උද්‍යානය අවසානයට කාශ්‍යප රජුගේ වාසභවන වුනා.සීගිරි පර්වතර තරණය කිරීමට ප්‍රථමයෙන් අපට තරණය කිරීමට සිදු වූයේ ජල දුර්ග හෙවත් ජල පොකුණුයි. සීගිරිය බලකොටුවක්ව පැවති සමයේ පිටත සතු‍රන්ගෙන් ඇති වන ප්‍රහාරයන්ට මුහුණ දීමට පහසුවක් වන ලෙසයි.වෙසක් පසු වී තිබුණු හෙයින්දෝ පොකුණ පුරා තැනින් තැන පෙලට සව් කොල වලින් සෑදූ නෙලුම් මල් දක්නට ලැබුණා. පොකුණ අවට බැමි නිම වී තිබුණේ එකිනෙකට යාවන සේ තැබූ කලු ගලින්. සීගිරිය පාමුළට පැමිණීමට පෙර බැලූ බැලූ හැම පැත්තේම දක්නට ලැබුණේ ක්ෘතිමව නිමවා ඇති පොකුණුයි. මේවා නොයෙක් ප්‍රමාණ වලින් සහ නොයෙක් හැඩ වලින් යුක්ත වුනා. සීගිරිය අප ඉදිරියේ තේජමානව නැගී සිටි අතර අපගේ දකුණු පැත්තේ ඇති බොහෝ පැරණි නටබුන් කැණීම් මගින් පාදාගෙන සිටියා. මීට  අමතරව සමහර ඓතිහාසික වැදගත් කමක් ඇති ස්ථාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ආවරණ යොදා ආරක්ශා කර තිබෙනු දක්නට ලැබුණා.

සීගිරිය ගල දක්වා වැටී ඇති මාර්ගයට සමාන්තරව දෙපස එකල වතුර මල් පිහිටා තිබුනු බවක් පැවසෙන අතර අදටත් එම වතුර ගලා ඒම සදහා සිදුරු කර ඇති ගල් සහ වැඩි ජලය ගලා යාම සදහා තනා ඇති කාණු පද්ධතීන්ද දක්නට ලැබෙනවා. මේ සිදුරු තාමත් සක්‍රීය බව අපට දැකගත හැකි වූයේ ඒ වන විටත් එක සිදුරක් ඔස්සේ සෙමින් සෙමින් පිටතට උතුරන ජල පරවාහය දැකීමෙන්. එකල වර්ශාපතනය සහ භූමියේ පිහිටි ජල ප්‍රමාණයන් අනුව මෙම සිදිරි තුළින් ඉහළට ජලය විදින්නට ඇති බව අපට අනුමාන කර  හැකි වනවා. එබදු ජලය ඉහළට විදින සිදුරු රාශියක් පැවතියද බොහෝ ඒවා අද වන විට වැසී ගොසින් තිබෙනවා.

අප ඉන්පසුව පිවිසුනේ සීගිරියේ සිංහ පාදය දක්වා ගමන් කිරීම ආරම්භ කිරීමටයි. විදේශිකයන්ට මේ ගමනේදී බොහෝ විට මග පෙන්වන්නෙකුගේ සහය ලැබෙන අතර දේශීය සංචාරකයන්ට එම අවස්තාව හිමි වුනේ නැහැ. නමුත් අපගේ වාසනාවට මෙන් සීගිරියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ යම් කිසි කටයුත්තක් සදහා කැදවා තිබූ පිරිසක එක් සාමාජිකයෙක් ස්වේඡාවෙන් අප හා ගල මුදුනට ගමන් කිරීමට සහ සීගිරිය පිළිබදව තොරතුරු කියා දීමට ඉදිරිපත් වුනා.


ප්‍රථමයෙන් අප ගමන් කලේ ගල් පඩි ඔස්සේ එක් එක් ගුහා කොටස් ආශ්‍රිතව ගඩොල් බැද කාමර මෙන් වෙන් කොට තිබූ ස්ථාන හරහායි.  එම ස්ථාන වල බ්‍රාහ්මීය අක්ශර වලින් යම් කිසි සටහනක් තිබෙනු දක්නට ලැබුනු අතර එවැනි ස්ථාන තවමත් නිරීක්ශන මට්ටමේ පවතින බැව් අප හා ගමන් කිරීමට ස්වේචාවෙන් එක් වූ තැනැත්තා පැවසීය. ගමන් මාර්ගය දිගටම වැටී තිබුනේ ගල් පඩි ඔස්සේ වූ අතර ඒවා දෙපස ගල් වලින්ම ස්වාභාවික ලෙස සෑදුනු විවර වල කුඩා කුටි මෙන් නිමවා ඇත.

සමහර කුටි වල ගඩොල් බිත්තියට මතුපිටින් බදාම ස්ථරයක් පැවති බවට සාක්ශි ඇති අතර ඒ අනුව මෙම මුලු කුටීරයන්ම අතීතයේ සුණු පිරියමින් යුක්තව තනා තිබෙන්නට ඇතැයි විශ්වාස කල හැක.


සමහර කුටි වල  අදටත් ශේශ වී ගිය සිතුවම් දැකගත හැකි අතර ඒවායේ විවිධ වර්ණයන්ද දැකගත හැකි වනවා. චිත්‍ර වලින් දැක්වෙන්නෙ කුමක්දැයි පැහැදිලිව දැකගත නොහැකි වන අතර රටා සහ වර්ණ පමණක් ඉතිරි වී තිබෙනවා. එකල භාවිතා වූ සෞම්‍ය සහ ස්වාභාවික වර්ණ වල ශේෂ අදටත් සුලු ප්‍රමාණ වලින් දැකගත හැකි වනවා.

ඉන්පසු  අප ගමන් කලේ තවත් එක් සුවිශේශි ගල් කුලක්  ආසන්නයටයි. මෙය නයි පෙනයක හැඩයෙන් යුක්ත වන අතර මෙය කාශ්‍යප යුගයට පෙර අවධියේදී සීගිරිය  සංඝාවාසයක්ව තිබියදී නගුලිය නම් ප්‍රධානියෙකු විසින් පූජා කරන ලද්දක් ලෙස පුරාවිද්‍යාඥයින් විසින් ප්‍රකාශයට පත්  කොට තිබෙනවා.

නමුත් අප හා ගමන් කල තැනැත්තා පැවසුවේ වෙනත් කතාවක්.

පසු ගිය සතියේ කුවේරයන්ගේ ආලකමන්දාව සොයා ගිය අපගේ කතාව නතර කලේ ඔබගේ සිත් තුල කුතුහලයක් ඉතිරි කරමින්. සීගිරිය, නැතහොත සිහගිර, නැතහොත් කුවේරගේ ආලකමන්දාව අදටත් මුලු ලෝකයෙන්ම වැඩිම රහස් සගවාගත් ස්ථානය ලෙස අපට පැවසිය හැකියි. එතරම් විශ්මිත ග්ෘහ නිර්මාණ ශිල්පයක්, විශ්මිත සිතුවම් කලාවක් සහ විශ්මිත වාස්තු විද්‍යාවක් අදටත් අපගේ විද්‍යාඥයන් තුළ  ඇති කරන්නෙ කුතුහලයක්. මීට වසර දහස් ගණනකට පෙර විද්‍යාව දියුණුවක් නැතැයි සිතූ කලෙක මෙවන් සුවිශාල වූ අපූරු නිර්මාණයක් කල හැකි කෙනෙක්, උපදෙස් දිය හැකි කෙනෙක් සිටීමෙන්ම අපට ළගා විය හැකි නිගමනය වනුයේ ආදි හෙළයාගේ විශ්මිත දස්කම් නොවේද?

පෙර දිනයේ අප නතර වූයේ නගුලිය නම් ප්‍රධානියා විසින් පූජා කරන ලද නයි පෙනයක හැඩය ගත් ලෙන  අසලයි. පෙර ලිපියේ සදහන් කල පරිදි අප මේ සම්බන්ධව ඇසුවේ වෙනත් කතාවක්.

වාල්මිකී විසින් රචිත රාමානයණය පිළිබදව සිරිලක් වාසීන් සියල්ලෝම අසා ඇතුවාට සැක නැති නමුත් වාල්මිකී විසින් රචිත කතාවේ සත්‍ය අසත්‍යතාව පිළිබදව මේ වන විට සැක මතු වී ඇති නමුත් එම කතාන්තරය වඩාත් අවබෝධාත්මකව විමසා බැලූ විට ෛතිහාසය පිළිබද සමහර තැන් වල පුරුක් ගලපා ගැනීමට අපට හැකි වනවා. මෙම කතාන්තරයට අනුව රාමාගේ  බිරිද වන සීතා පොළොවෙන් උපන් යැයි කතාවේ පවතින අතර සී සාමින් සිටින ගොවියෙකුගේ නගුල් පහරකින් සීතා මතු වූ බව පවසනවා. සීතාගේ ජීව විද්‍යාත්මක දෙමාපියන් පිළිබදව අදටත් සැක පැවතුනත් ඉපදුණු වහාම ඇය මුලු පවුලටම විනයක් බව දැන පවුලෙන් පිටමන් කරන ලද රාවණ රජුගේ බාලම නැගනිය වන බවට තවත් කතාවක පැවසෙනවා.


කෙසේ හෝ නමුත් නගුලෙන් ඉපදුනු කාන්තාව යන කාරණය මුල් කොටගෙන සීතාවන් නගුලිය ලෙස හැදින්වූ බව සමහර ග්‍රන්ථ වල සදහන් වනවා.

රාම- රාවණා යුද්ධයට හේතු වූයේ රාවණ රජු විසින් සිය නැගනිය වූ සුර්පණඛා ට සිදු කල අඩම්තේටම් හේතුවෙන් පළිගැනීමට සීතා දේවිය පැහැර ගෙන ඒමත් සමගයි. ඒ පැහැරගෙන ආ සීතා විවිධ කාල වල ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල රදවා තැබූ බව අදටත් ප්‍රසිද්ධ කාරණාවක්. එසේ නොය්ක් ස්ථන වල සගවා තැබීමේදී එවකට රාවණ රජුගේ මාළිගය වූ සීගිරිය භූමියේ පිහිටි මෙම නයි පෙන හැඩැති ගුහාව මුල් කොටගෙන තනා තිබූ කුටීරයේ සගවා සිටි බව සදහන් වනවා. නමුත් පුරාවිද්‍යාඥයින් විසින් තහව්ුරු කොට ඇත්තේ මෙය නගුලිය නම් ප්‍රධානියා විසින් සංඝයාවහන්සේලාට පූජා කල බවයි. කෙසේ නමුත් තවමත් සීගිරියේ උරුමය පිළිබදව විවාද පවතිනවා. එතැනින් අප ඉන්පසුව ඉදිරියට ගමන් කලේ තවත් ගල් පඩි පෙලක් ඔස්සේයි.


එසේ මා දුරක් ගමන් කිරීමෙන් අනතුරුව අප පිවිසුනේ ගල් කුලක් පියස්ස කරගත් තවත් එක් කුටීරයක් ඉදිරියේයි. එහි තුළ ගලින් කරන ලද ආසනයක් සහ ඒ වට කොට පිලක් වැනි කොටසක් තිබුණු අතර එකල සුව පහසුව අසුන් ගැනීමට මෙම ආසනය භාවිතාකරන්නට ඇතැයි සිතිය හැක. අප ඒ වන විට පසු කරමින් සිටියේ එවැනි ආසන සහිත කුටි කිහිපයකුයි. ඉන්පසුව අප පිවිසුනේ පඩි කිහිපයක් ඉහළින් පිහිටා තිබූ විශාලත්වයෙන් තරමක් වැඩි ගලින්ම නිමවුනු ශාලවක් වැනි ස්ථානයකටයි. එහි එක් කෙළවරක තරමක් පළලින් වැඩි ගලින් තැනූ දීර්ඝ ආසනයක් පිහිටා තිබුණු අතර අප සමග ගමන් කල අපගේ මාර්ගෝපදේශක මහතා පැවසූවේ මෙම ස්ථානය කාශ්‍යප රජු සමයේ අධිකරණ ශාලාව ලෙස භාවිතයට ගෙන ඇති බවයි. එම ස්ථානය සෑඅම දිශාවම මනාව පෙනෙන පරිදි එළිමහන් ස්ථනයක තනා තිබුනා. එතැන් සිට තවත් පඩි පේලියක් ඉහළට ගමන් කළ විට පිහිටා තිබුණේ ගලින්ම නෙලන ලද ආයත චතුරස්‍රාකාර පොකුණක්. එහි ජලය පිරී තිබුනා. එම පොකුණ පිහිටි ස්ථනයට ගිය විටද අපට ඈත පිහිටි සීගිරිය රක්ශිතයේ කොටස් මෙන්ම බුදු පිළිමයක හිසක්ද දර්ශණය වුනා.


සීගිරි පර්වතයේ ඇති විශේශත්වය වූයේ මෙහි නොයෙක් නොයෙක් ස්ථාන වලින් නොයෙක් නොයෙක් දිශාවන්ට පඩි පේළි පිහිටා තිබීමයි. සමහර පඩි පේළි වන ලැහැබ් වලින් කෙළවර වූ අතර සමහර පඩි පේලි එක් එක් ගුහා සහිත කොටස් වලින් කෙළවර වුනා. තාමත් සීගිරිය පර්වතයේ සම්පූර්ණ කැනීම් සිදු කර හෝ සම්පූර්ණයෙන් පරීක්ශා කොට බලා අවසන් කර තිබුනේ නොමැති අතර මෙහි පහළ පිහිටි උද්‍යානයේ දකුණු පස කොටසේ කැණීම් සිදු කොට අවසන් කර තිබුණු අතර වම් පස කොටස කිසිදු කැනීමක් සිදු නොකොට මතු පරපුර වෙනුවෙන් ඉතිරිකොට තිබුණා. ඒ කිසියම් දවසක නවීන තාක්ශණයේ සහය සහිතව මෙම පෙදෙසේ කැණීම් සිදු කරතැයි යන බලාපොරොත්තුවෙන්.


කතාවෙන් කතාව අප පැමිණ තිබුණේ සුප්‍රසිද්ධ කැටපත් පවුර පිහිටි කොටසටයි.මෙහි මේ වන විට වැටක් ඉදිකොට කැටපත් පවුර ආරක්ශා කිරීමට පිට්‍යවර ගෙන තිබුණේ නූගත් මිනිසුන් විසින් කැටපත් පවුරට සිදු කරන ලද හානි නිසාවෙනි. කැටපත්  පවුර පිහිටි ස්ථානයට පැමිණි විට අප දුටු ඉතාමත් අලංකාර සිත් ඇදගන්නා දර්ශනය වූයේ පහළින් අලංකාරව දිස්වෙන සීගිරිය ජල උද්‍යානයයි. කාශ්‍යප රජු සමයේ මෙය කෙතරම් අලංකාරව තිබුණේදැයි යන්න පිළිබදව අපට සිතාගත නොහැකි වුනා.


එතැන් සිට බැලූ විට අපට තවත් කුටි හතකට පමණ වෙන් වුනු ගොඩනැගිල්ලක පාදමක ඉතිරි වී ගිය නටඹුන් දක්නට ලැබුණු අතර කුටි වලට අමතරව එහි ශාලාවක් වැනි කොටසක් ද දක්නට ලැබුණා.

සීගිරි කැටපත් පවුරේ කුරුටු ගී නැරඹූ අප ඉන්පසුව නැරඹුවේ සුන්දර සීගිරි අප්සරාවියන්. අවාසනාවකට වාගේ සීගිටි අප්සරාවියන්ගේ චායාරූප ගැනීමට අපට නොහැකි වුනේ එම සිතුවම් වල මතු පැවැත්ම උදෙසා චායාරූපකරණය තහනම් කොට තිබූ නිසායි.


එතැන පසු කොට තවත් ගල් පඩි පේළි කිහිපයක් නගිමින් අපි ඉදිරියටම ගමන් කල අතර අවසානයේ අප පැමිණ තිබුනේ සුප්‍රසිද්ධ සිංහ පාදය අභියසටයි. බොහෝ දෙනා මෙය සිංහ පාදය ලෙස හැදින්වුවද පිරිසක් පවසන්නෙ මෙය පක්ශියෙකුගේ පාදයක් ලෙසටයි. එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පාදයේ ඉදිරියට ඇථේ ඇගිලි තුනක් වීම සහ ඒවයින් නිය පිටතට නෙරා විත් පැවතීමත් එක් කුඩා ඇගිල්ලක් හෙවත් පොර කටුවක් පාදයේ පිටුපසට වන්නට පිහිටා තිබීමත්‍ වන අතර මේ පිළිබදව තවම සනාත වී නොතිබුනත් එකිනෙකට වෙනස් මත වාද කිහිපයක් පවතී.

අට වෙනි පුදුමය ලෙස නම් කරන ලද සීගිරිය ප්‍රථම වරට මෙය සිය වාසභවන කරගත්තේ රාවන රජුගේ එක කුස නූපන් සොහොයුරු වන් කුවේරයන් විසින්. රාවන රජු බලයට පත් වී සිය අනසක හෙළ දීපය තුළ පතුරවා සිය සුලුමවගේ පුත් වූ කුවේරයන් සතුව තිබූ ගුවන් යානය හෙවත් පුෂ්පක යානයද ආලකමන්දාව හෙවත් මාලිගයද පහැරගත් බවත් එක් විටෙක සදහන් වන අතර තවත් විටෙක සදහන් වනුයේ කුවේය්‍රයන් ඉහත කී පුෂ්පක යානය සහ ආලකමන්දාව රාවණ සොහොයුරුට ප්‍රධානය කළ බවයි.


සීගිරිය දුටුවනම අපට සිතට නැගෙන්නේ  මෙය විශ්වකර්මයෙකුගේ ක්‍රියාවක් බවයි. මෙහි නිර්මාත්ෲ ලෙස සැලකෙන්නේ එවකට සිටි අති දක්ශ ග්ෘහ නිර්මාණ ශිල්පියෙකු වන මය දානවයන් වන අතර ඔහු නෑකමින් රාවණගේ බිරිය වන මන්දෝදරියගේ පියා වේ.

සීගිරිය ගල මුදුනට නැගීම සදහා මේ වන විට නිසි පඩි පේලි තනවා ඇති අතර එමගින් නැගීම පහසු කරවයි.එකල තිබූ පඩි පේලියන්ද මේ වන විටත් දක්නට ඇති අතර ඒවායේ නිසි පරිදි අත් වැටවල් නොතිබීම නිසා ඒ ඔස්සෙ ඉහළට නැගීම අන්තරාදායක වනුයේ තද සුළගක් නිරන්තරයෙන් මේ ප්‍රදේශය ඔස්සේ හමා යන බැවිනි.

සීගිරිය ගල මුදුනට නැගි විට ඉතාමත් අලංකාරව පහල බිම් සහ සීගිරි උද්‍යානය දර්ශනය වන  අතර එක් පසෙකින් පිදුරංගල කන්ද දිස්වේ. සීගිරියේ සිට පිදුරංගල කන්ද දක්වා වැටී ඇති මාර්ගයක් අද වන විටත් සීගිරිය සිංහ පාමුල ඇති අතර මේ වන විට එය කැලෑවෙන් වැසී ගොස් ඇත.


ඉතාමත් අලංකාරව නිමවා තිබෙන්නට ඇති ගොඩ්නැගිලි වල පාදම්, තැන තැන පිහිටි පොකුණු, මුර කරුවන් සිටියා යැයි විශවාස කල හැකි මුර කුටි, ඍආජ සභා මණ්ඩප, කුටීර, අධිකරණ ශාලා, රිය නැවතුම් පොළ, ගරා වැටුනු බිත්ති, කවි වලින් පිරුණු කැටපත් පවුර, සිතුවමින් හැඩ ගත් බිත්ති එකල සීගිරිය මේ පෙදෙසේ විරාජමානව වැජඹුණු අයුරු පිලිබදව කතාන්තරයක් අපට පවසයි.

සීගිරිය හා ගෙතුනු කතා ඇති අතර ඒවායින් බොහෝ කතාවල සත්‍ය අසත්‍ය බවත් අද වන විට තහවුරු වී නැති අතර එයට හේතුව වනුයේ අප රට තුළ මේ වන විටත් ඒ සදහා අවශ්‍ය තාක්ශණය නොමැති වීම සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අව්ශය් ප්‍රතිපාදන නොමැති වීමයි. සීගිරියේ සත්‍ය ඉතිහාසය ඉතාමත් ඉක්මණින් අපට සොයා ගැනීමට හැකි වේවායො පතමින් අප හිමින් හෙමින් පහළට බැසීම ආරම්භ කලා.


 
 
 

Comments


Home: Blog2
All Videos
Watch Now
Home: Video_Widget

Travel in srilanka

(+94) 717 741 101 (+94) 771 727 978

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • Google+ Social Icon
  • Pinterest Social Icon

Subscribe

Stay up to date

Home: GetSubscribers_Widget
Home: Contact

CONTACT

   Colombo,Sri Lanka 

(+94) 717 741 101 (+94) 771 727 978

  • Facebook Social Icon
  • Instagram Social Icon
  • Pinterest Social Icon
  • Google+ Social Icon
  • Google Places Social Icon

ceylontrippingsrilanka@gmail.com

bottom of page